නසීර් අහමඩ් තීන්දුවෙන් පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි... පිල් පැන්න මන්ත‍්‍රීන් රැසක් ගෙදර! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 6, 2023

නසීර් අහමඩ් තීන්දුවෙන් පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි... පිල් පැන්න මන්ත‍්‍රීන් රැසක් ගෙදර!

පරිසර ඇමති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වයෙන් නෙරපීම ‍නීති විරෝධී යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහුට මන්ත්‍රී ධුරය ද අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් ඔහු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති නිසාය.

ඒ අතර දැනටමත් දේශපාලන පක්ෂ මාරු කරන ලද මන්ත්‍රීවරු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබෙන පෙත්සම් කිහිපයක්ම විභාග වෙමින් පවතින අතර ඔවුන්ට ද මෙම තීන්දුව අත්වේද යන්න මේ වන විට ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්වෙමින් ඇත.

නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එළඹෙන 17දා පාර්ලිමේන්තුව රැස්වූ පසු සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුරුව ඔහු මන්ත්‍රීධූරයෙන් නෙරපීම සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දීමෙන් පසු අදාල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා මන්ත්‍රී ධුරයට පත් කරන ලද බව ගැසට් කිරීම ක්‍රමවේදයයි.


No comments:

Post a Comment

Post Bottom Ad