''ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්‍රයේ ඇති වන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත...'' - ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ නික්ම යාමෙන් සංවේදී වුණු හිටපු ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 9, 2023

''ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්‍රයේ ඇති වන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත...'' - ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ නික්ම යාමෙන් සංවේදී වුණු හිටපු ජනපති

මෙරට කලාව තුළ යළි කිසිදා පිරවිය නොහැකි තරමේ හිඩැසක් තබා ඔහු නික්ම ගොස් අවසන්.

දීර්ඝ කාලයක් තිස්සේ ආශිර්වාද සේම විවේචන ද අඩුවක් නැතිව ලැබූ ඔහු, අවසන් ගමන් ගිය බවට සැල වූ පුවත රටක් කම්පා කළ බව නොරහසක්.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී... හුදෙක් කලාකරුවෙක් පමණක් ම නොවුණු ඔහු ''කලාගාරයක්'' ''පුස්තකාලයක්'' බඳු මිනිසෙක් බැව් නොකියා කොහොමද.

එවන් දැවැන්තයෙක්ගේ නික්ම යාම පිළිබඳව සංවේදී නොවන්නේ කවරෙක්ද.

එලෙස ඔහු නමින් ලියවෙන සංවේදී සටහන් අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තබන ලද සටහනයි මේ....

'ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අභාවය පිළිබඳ අසා මම බලවත් කනගාටුවට පත්වූයෙමි.

විශිෂ්ට රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ගායකයෙක්, නිවේදකයෙක්, ගත් කතුවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් ආදී වශයෙන්

ඔහු කලා ක්ෂේත්‍රයට සහ අපේ රටට සිදු කළ සේවය අසමසමය.

එසේ ම ඔහු අපට ඉතා ම සුහදශීලී ප්‍රියමනාප මිතුරෙකු විය.

ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්‍රයේ ඇති වන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත බව මගේ විශ්වාසයයි.

විශිෂ්ට කලාකරුවාණෙනි,

ඔබ අපේක්ෂා කළ විමුක්තිය අත්වේවා! ''


No comments:

Post a Comment

Post Bottom Ad