CDගේ දෙවන ධුර කාලයත් අවසන්.. නව පොලිස්පතිවරයෙක් නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 8, 2023

CDගේ දෙවන ධුර කාලයත් අවසන්.. නව පොලිස්පතිවරයෙක් නෑ..

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ලබාදී තිබු සේවා දිගුව හෙට දිනයෙන් අවසන් වේ. වික‍්‍රමරත්න මහතා නිල වශයෙන් පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගිය පසු ඔහුට සේවා දිගු දෙකක්ම ලබාදීමට රජය කටයුතු කළේය.කෙසේවෙතත් හෙට දිනයේ ඔහුට නැවතත් පොලිස්පති ධුරයේ සේවා දිගුවක් ලබා දෙන්නේද නව පොලිස්පතිවරයකු පත් කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව ව්‍යවස්ථා සභාවට මේ වන තෙක් කිසිත් කිසිම නමක් යෝජනා වී නැති බවද වාර්තාවෙයි.

මෙම තත්ත්වය මත වික්‍රමරත්න මහතාට තවත් සේවාව දිගුවක් ලබා දෙනු ඇති බවද රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad