දිලිත්ගේ MJP පක්ෂ මුලස්ථානය අද විවෘත වේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 10, 2023

දිලිත්ගේ MJP පක්ෂ මුලස්ථානය අද විවෘත වේ!

'දෙරණ' මාධ්‍ය ජාලය ඇතුළු මෙරට ප්‍රකට සමාගම් කිහිපයකම සභාපතිවරයකු වන දිලිත් ජයවීර නායකත්වය දරන 'මව්බිම ජනතා පක්ෂයේ' (MJP) මුලස්ථාන කාර්යාලය අද  (ඔක්තෝම්බර් 11) දින පෙරවරුවේදී විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

අලුතින් හිතන ගමනක ඇරඹුම සනිටුහන් කරමින් 'මව්බිම ජනතා පක්ෂ' මූලස්ථානය විවෘත කිරීම 2023 ඔක්තෝබර් 11 වන බදාදා දින උදෑසන 9.45 ට අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 හීදී සිදු කෙරෙන බව පක්ෂ නායක හා විධායක කමිටුව නිවේදනය කර සිටියි.

මිට ඉහතදී මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ හිටපු අමාත්‍යවරයකු වන හේම කුමාර නානායක්කාරයි. ඔහු මේවනවිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලෙස කටයුතු කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට තාම ද අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව දිලිත් ජයවීර අවධාරණය කර සිටියේය. 

- theleader


No comments:

Post a Comment

Post Bottom Ad