ජෙරම් ප‍්‍රනාන්දු කටුනායකින් බහී… ‘රන් මාවත’ හරහා ගෙදර යයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 28, 2023

ජෙරම් ප‍්‍රනාන්දු කටුනායකින් බහී… ‘රන් මාවත’ හරහා ගෙදර යයි..

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ගුවන්තොටුපළේ මුදල් ගෙවා පහසුකම් ලබන ‘රන් මාවත’ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔහු ගුවන්තොටුපලින් පිටව ගොස් ඇත.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අළුයම 1.30 ට පමණ ඔහු කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.

අධිකරණ නියෝග මත ඉදිරි පැය 48 කාලය ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබේ.

ආගමික නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ වන විට අධිකරනයේ චෝදනා විභාග වෙමින් ඇත.

ඒ මත ඔහුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණ ද ඊට පෙර ඔහු රටින් පිටව ගොස් තිබිණි.

ඒ හේතුවෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානමින් සිටියේය.

නමුත් අධිකරණයට ඔහුගේ නීතීඥයන් විසින් කරන ලද කරුණු දැක්වීමක් මත අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇත්තේ මෙරටට පැමිණ පැය 48 ඇතුලත රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad