අනුෂ ලලිත් සිරගත කිරීමට එරෙහිව අභියාචනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 7, 2017

අනුෂ ලලිත් සිරගත කිරීමට එරෙහිව අභියාචනයක්


මේඅතර තමන් වැරදි කරුවන් කරමින් අධිකරණය විසින් ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කටයුතු කරමින් සිටිති.

විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන්ට දඬුවම් නියම කළ අවස්ථාවේදීම මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා දැනුම් දුන්නේය. අදාළ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩු තීන්දුව තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් ඉන්දතිස්ස මහතා නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපතක් තමන්ට අදාළ ගාස්තුවට යටත්ව නිකුත් කරන ලෙස ඉල්ලීමක්ද කළේය. 


තීන්දුවේ මුද්‍රණ දෝෂ නිවැරදි කොට හෙට දිනයේදී තීන්දුවේ පිටපතක් නිකුත් කළ හැකි බව දැනුම් දුන් විනිසුරුවරයා ඒ සදහා හෙට දිනයේ ඉල්ලීමක් කරන ලෙස දැනුම් දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad