තායිලන්ත තාක්ෂණයෙන් මෙරටට කෘත්‍රිම වැසි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

තායිලන්ත තාක්ෂණයෙන් මෙරටට කෘත්‍රිම වැසි


වැසි රහිත කාලගුණික තත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සදහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාතයංශය පියවර ගෙන තිබේ.

මේ යටතේ වියළි කාලගුණයක් පවතින අවස්ථාවලදී වළාකුළු උපයෝගී කරගනිමින කෘතිම වැසි ඇති කිරීමට පියවර ගනු ලැබේ.

තායිලන්ත රජයේ තාක්ෂණික ඥානය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් ගුවන් යානා සැපයීමට එකගවී තිබේ.

 වියළි කාලවලදී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සදහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්හි වළාකුළු ඇති කර කෘතීම වැසි ඇති කිරීමට පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය වැසි රහිත කාලගුණික කස්ටියන් මත ජල විදුලි උත්පාදනය සීමා වීමකදී, විදුලි ජනනය පෞද්ගලික අංශය මඟින් සිදු කිරීමට යාමෙන් අධික අලාභයක් ලැබූ බවද කෘතීම වැසි ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරිමෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලැබු එම අලාභය අවම කරගැනීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

-නිමල කොඩිතුවක්කු-

No comments:

Post a Comment

Post Bottom Ad