අලුගෝසුවෙකුට රස්සාවක් දීමට ජනාධිපතිවරයෙකු උවමනා නැති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මෙය වේලාව නොවන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
තමන්ද ජනාධිපති ධුරය දරද්දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැමිණියත් තමන් ඒ කිසිවකට අත්සන් නොකළ බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
මිනිසුන් එල්ලුම් ගස් යවා කිසිවකුට ජනාධිපති විය නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයාටද එවන් අදහසක් ඇතැයි තමන් නොසිතන බවත් ඒ මහතා සඳහන් කළේය.
මාතර කඹුරුපිටියේ පැවති උත්සව සභාවක් අවසානයේ දී මාධ්‍ය වෙත මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.


No comments:
Post a Comment