පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර පැවැත්වීමට ජනපතිගෙන් යෝජනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර පැවැත්වීමට ජනපතිගෙන් යෝජනාවක්

Loading...
පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඊයේ (29 දා* කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක‍්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට කීවේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැුස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡුා කර අනුමත කරනු ඇතැයි ද ඉහත ප‍්‍රකාශකයා කීවේය.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රැුස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad