2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

2019 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) ආරම්භ විමට නියමිතයි.

දෙවනවර කියවිමේ විවාදය අද සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

අයවැය තෙවන වර කියවීමේ  විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වන දින සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරනු ඇති.

2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බවය අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ  පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ ආදායමට වඩා දෙගුණයක වියදමක් පෙන්නුම් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad