කොරෝනා නසන එන්නතක් චීනයෙන් ගෙන්වා ප‍්‍රභූන්ට විදගෙන.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 5, 2020

කොරෝනා නසන එන්නතක් චීනයෙන් ගෙන්වා ප‍්‍රභූන්ට විදගෙන.[Video]

 කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා මෙරට ප්‍රභූ පවුල් වල කිහිපදෙනකු සදහා චීනයෙන් ගෙන්වන ලද එන්නතක් විදගෙන ඇති බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එක් අතකට එන්නතක් සඳහා ඩොලර් 70 බැගින් අත් දෙකටම ඩොලර් 140 බැගින් වැයකර මෙම එන්නත ප‍්‍රභූ පවුල් කිහිපයක් පමණක් විද නැතැයි ද ඔහු පැවසීය.

ජනතාවට මිථ්‍යාව පෙන්වමින් ගංගාවලට කලගෙඩි අතහරිමින් සිටියදී ප්‍රභූ පවුල්වල සාමාජිකයන් චීනයෙන් ගෙනැවිත් මෙම එන්නත විදගන්නා බවද ඔහු කීය.

කෙසේ නමුත් ඕනෑම පුද්ගලයෙකු එන්නතක් විදගැනීම ගැන ප්‍රශ්නයක් නැති බවත් ජනතාවට අවශ්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

උපුටාගැනිම - Lankacnews.




No comments:

Post a Comment

Post Bottom Ad