කල්ඉකුත් වූ ආලේපන භාවිත කළ රූපලාවන්‍යාගාර 50ක් ගාල්ලේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 7, 2019

කල්ඉකුත් වූ ආලේපන භාවිත කළ රූපලාවන්‍යාගාර 50ක් ගාල්ලේ


ගාල්ල දිස්ත්‍රික්කයේ රූපලාවණගාර පරික්ෂා කිරීමේදී කල් ඉකුත් වූ ආලේපන භාවිත කළ ස්ථාන පනහක් පසුගිය වසර දෙක තුළ හමුව ඇතැයි වෙළෙඳ හා පාරීභෝගික සේවා අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය
පවසයි.

කල් ඉකුත් වූ ආල්පන භාවිත කළ රූපලාවණගාර 27කට වෙළෙඳ හා පාරිභෝගික අධිකාරිය නඩු පවරා  ඇත. 2019 වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙවැනි රූපලාවණ්‍යාගාර 23ක් වටලා ඇත. ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ වෙළඳ හා පාරීභෝගික සේවා අධිකාරීයේ ගාල්ල  දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම්‍ සිදුකර තිබිණි.

  -රසික සෙනවරත්න-

No comments:

Post a Comment

Post Bottom Ad