ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ සූදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ සූදානමක්

ලෝකය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ හා කොන් කිරීමේ තත්වයක් උදා වෙමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යම් ආකාරයේ තීරණාත්මක තීන්දුවකට එළැඹීමට නියමිතව ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය රාජතාන්ත්‍රික මැදිහත්වීමකින් හොදින් කළමනාකරණය කිරීමට කටයුතු නොකළ හොත් රටත් ජනතාවත් අමාරුවේ වැටෙන බව ද ඔහු සදහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad