රනිල් නිසා අලුත් රජ පරම්පරාවක් ඇරඹුණා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

රනිල් නිසා අලුත් රජ පරම්පරාවක් ඇරඹුණා

රනිල් නිසා අලුත් රජ පරම්පරාවක් ඇරඹුණා

බිංගිරිය නිදහස් වෙළෙඳ කලාපයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාවත් සමඟ ඔහු ඉතිහාස ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

හයවෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසු රට සහලින් පෝෂණය කළේ තමන් බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමට යොදා ගැනීමෙන්ම සිතා ගත හැකි බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ඒ අනුව නව විකුම්සිහ රජු ලෙස වික්‍රමසිංහ මහතා ඉතිහාස ගත වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad