මදුෂ්ගෙන් ප‍්‍රශ්න කරන්න සීඅයිඩිය ඩුබායි පොලිසියෙන් අවසර ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

මදුෂ්ගෙන් ප‍්‍රශ්න කරන්න සීඅයිඩිය ඩුබායි පොලිසියෙන් අවසර ඉල්ලයි

මදුෂ්ගෙන් ප‍්‍රශ්න කරන්න සීඅයිඩිය ඩුබායි පොලිසියෙන් අවසර ඉල්ලයි

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයකු මෙන්ම ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩුබායි පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් මේ වනතුරු ඩුබායි පොලිසිය ඊට යහපත් ප‍්‍රතිචාර දක්වා නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

ජාත්‍යන්තර පොලිසිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩුබායි පොලිසියෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ මීට දින කිහිපයකට උඩදීය.

එහෙත් ඩුබායි පොලිසිය හෝ එරට රජය මෙම සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීම හෝ ඔවුන් පිළිබඳ තොරතුරු කිසිවක් මෙරටට ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැත.

මෙරට ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු මෙන්ම හෙරොයින් ජාවාරම්කරුවකු ද වන මාකඳුරේ මධුෂ් නමැත්තා මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයකු බව ශී‍්‍ර ලංකා පොලිසිය විසින් ඩුබායි පොලිසියට දැනුම් දී තිබිණි.

එම සැකකරුට අමතරව කංචිපාන් ඉම්රාන් ඇතුළු තවත් පාතාල සාමාජිකයන් හය දෙනකු මෙරට පොලිසියට අත්‍යවශ්‍ය පුද්ගලයන් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩුබායි පොලිසිය වෙත දැනුම් දී තිබේ. 

එම සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඩුබායි පොලිසිය අවසර ලබා දෙනු ලැබුවහොත් එහි පිටත්ව යෑම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව ද පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  කියා සිටියේය.

ඩුබායි සාදයකදී මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මේ වනවිට අල් රඩා පොලිසියේ රඳවා ගෙන සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad