පූසා බේරන්න ගිය ති‍්‍රරෝදය පෙරළෙයි,වෙනත් වාහනයකට යටවී රියැදුරු මියයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

පූසා බේරන්න ගිය ති‍්‍රරෝදය පෙරළෙයි,වෙනත් වාහනයකට යටවී රියැදුරු මියයයි

Loading...
මහ මග ධාවනය වූ ති‍්‍රරෝද රථයක් පෙරළී එය පැදවූ රියැදුරු මගට ඇදවැටී සිටියදී වෙනත් දෙසකින් පැමිණි මෝටර් රථයකට යටවී ති‍්‍රරෝද රථ රියැදුරා මරණයට පත්ව ඇත. මරණයට පත්ව ඇත්තේ මිද්දෙනිය සමූහ ගොවිපළ ලිපිනයේ පදිංචිව සිටි කරුණා ගමගේ නිශාන්ත නමැති 40 හැවිරිදි අයෙකි.

 හුංගම මිද්දෙනිය මාර්ගයේ මුරුංගගස්යාය ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. පාර හරහා ගිය පූසකු ති‍්‍රරෝද රියට යටවීම වළකාලීමට උත්සාහ කිරීමේදී එය පෙරළී තිබේ. 

 මහ මඟ වැටී සිටි රියැදුරු විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයට යටවී තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 අනතුර සිදු කළ මෝටර් රථය පැදවූ එච්. ඩබ්ලිව්. අජිත් සිසිර කුමාර යන අය මිද්දෙනිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad