ජනපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

ජනපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනපති කියයි

ජනපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනපති කියයි

අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බවය.

ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බව ජනපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වුවත් පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ද ජනාධිපතිවරයා පවසයි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසර මැතිවරණ වසරක් බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ අතර බොහෝ නිලධාරීන්ට අසාධාරණ ලෙස සැලකුම් කෙරෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad