දියමන්තිය සමඟ කොටුවුණේ මධුෂ්ගේ කුඩු ජාවාරමේ මහ මොළකරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

දියමන්තිය සමඟ කොටුවුණේ මධුෂ්ගේ කුඩු ජාවාරමේ මහ මොළකරු

දියමන්තිය සමඟ කොටුවුණේ මධුෂ්ගේ කුඩු ජාවාරමේ මහ මොළකරු

පන්නිපිටියෙන් කොල්ල කා දියමන්තිය බව කියන පානදුර කෙසෙල්වත්තේ නිවසක තිබී පොලිස් අත්අඩංගුවට ගත් දියමන්තිය ගත් සැකකරු මාකදුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරම ලංකාවේ සිට මෙහෙයවූ මහ මොලකරු බව විමර්ශන වලදී හෙළිවී ඇත.

කැලුම් ඉන්දික සම්පත් (40) නමැති මෙමෙ අසකක්රු කිරිබත්ගොඩදී පැලියගොඩ කොට්ඨාශ අපරාධ ඒකකය මගින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම දියමන්තිය සමඟ රුපියල් කෝටි එකහාමාරක මුදල් හා රත්තරන්, ජීව උන්ඩ තොගයක් හා ජංගම දුරකථන තොගයක් සොයාගෙන ඇත.

පානදුර කෙසෙල්වත්ත තක්සලා හරස් පාරේ කාන්තාවකට මෙම දියමන්තිය සඟවා තබන්නට භාරදුන් බවට සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත එහි ගොස් මෙය සොයාගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටියේ ඇරැව්වලින් මෙම දියමන්තිය කොල්ලකම සඳහා කණ්ඩායම් යොදවා ඇතැයිද හෙලි වී ඇත.

මොහු මාකඳුරේ මධුෂ් දකුණු පළාතට එවන කුඩු තොග කොළඹට ගෙනවිත් තොග ලෙස විකුණා එකතු කරන මුදල් ඩුබායි වලට යැවීමට රහසිගතව ක්‍රියාත්මක වූ ප්‍රබලම චරිතයක් බව හෙළිවී ඇත.

බස්නාහිර උතුර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග යටතේ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරී රන්ජිත් මාසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක කැලුම්,උප පොලිස් පරීක්ෂක සමීර, කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන්වරුන් ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad