මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (05) ඉදිරිපත් කළ අයවැය යෝජනා තුලින් හඳුන්වා දුන් නව බද්ද හේතුවෙන් ක්‍රෙඩිට් කාඞ් හෝ ඩෙබිට් කාඞ් මගින් ගෙවීම් සිදු කර විදේශයන්ගෙන් ගෙන්වා ගන්නා භාණ්ඩවල මිල වැඩි වීමේ අවධානමක් පවතින බවත් ඒ අනුව එවැනි අන්තර්ජාල ගනුදෙනු අධෛර්ය විය හැකි බවත් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පවසයි.
අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් කාඞ් හෝ ඩෙබිට් කාඞ් මගින් සිදු කරන විදේශ ගෙවීම් සඳහා සියයට 3.5ක ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමට මෙවර අයවැයෙන් යෝජනාව කර ඇත.
එහෙත්, ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ 'නෙත් එෆ්. එම්.' අන්ලිමිටඩ් 'කණපිට' වැඩසටහනට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුයේ, මෙම බද්ද රජයට තවත් හොඳ ආදායම් ප්‍රභවයක් බවයි.
Tuesday, March 5, 2019
නව බද්දක් : ආණ්ඩුව 'අන්තර්ජාලයෙන්' ගොඩයන්න හදයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment