‘සජිත් එනවා’ රැස්වීම්වල එජාප ‘අලියා’ ලකුණ භාවිතයට අවසර නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

‘සජිත් එනවා’ රැස්වීම්වල එජාප ‘අලියා’ ලකුණ භාවිතයට අවසර නෑ !

ජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය භාවිතා කරමින් තැන තැන රැස්වීම් පැවැත්වීමට කිසිදු අවසරයක් දී නැති බව එම පක්ෂ උපනායක මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි. පාරදිගේ ගොස් ජනාධිපති අපේක්ෂකයන් තේරීම සඳහා අත්සන් එකතු කරන්නැයි ඒ කිසිවෙකුට දැනුම් දී නැති බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම තැන තැන ගොස් රාත්‍රී භෝජන සංග්‍රහයන් පවත්වා පක්ෂයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කැඳවිය යුතු බවද ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad