කාන්තා තිසරපට ආවරණ (බ්‍රෙසියර් කප්) 243 ක යම්කිසි රසායනික ද්‍රව්‍යයක් යැයි සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර ඇති බවට චෝදනාවත් සමගින් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු අලූත්ගම දර්ගා නගරයේදී 23 දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය සඳහන් කරනවා. ඉන් 21ක රසායනික ද්‍රව්‍ය තිබූ බව තහවරු වී ඇති අතර, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලූත්ගම දර්ගා නගරයේ මතුගම පාරේ නිවසක මහා පරිමාණයෙන් රෙදිපිළි තොග අලෙවි කිරීමේ නියැළී සිටින 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමේදී ජෙල් වර්ගයකට සමාන රසායනික ද්‍රව්‍යයක් යැයි සැක සහිත ද්‍රව්‍යයක් ආලේප කරන ලද බ්‍රෙසියර් කප් සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම රෙදිපිළි අලෙවි කිරීම සොහොයුරන් තිදෙනකු විසින් සිදුකරනු ලබන බවත් තවත් එක් රෙදිපිළි වෙළෙඳසලක් දර්ගා නගරයේ බැංකුවක් ආසන්නයේ පවත්වාගෙන යන බවත් පොලිසිය කියයි.
රසායනික ද්‍රව්‍ය පිළිබඳ රස පරීක්‍ෂණ වාර්තාවක් අද 24 දා ලබාගැනීමට කටයුතු කර ඉදිරි නීති ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Thursday, May 23, 2019
කාන්තා යට ඇඳුම් 243ක සැක සහිත ජෙල් වර්ගය ගාලා අලූත්ගමදි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment