මරණ දඬුවමට එජාපය විරුද්ධ වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 27, 2019

මරණ දඬුවමට එජාපය විරුද්ධ වෙයි !

රණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ නොකරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය මේ බව සඳහන් කර තිබේ.

මරණීය දණ්ඩනය ලබාදීම ශිෂ්ට සම්පන්න රටක තත්ත්වයක් නොවන බවත්,
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මරණ දඬුවම ලබාදීම නතර කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත්, එම ස්ථාවරයේ දිගින් දිගටම සිටිමින්   එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරන බවත් එම පක්‍ෂය නිවේදනය කරයි.

එසේම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් ප්‍රතිපත්තිමය තීන්දුව හිටපු ජනාධිපතිවරැන් වන රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන එක්සත් ජාතික පක්‍ෂ නායකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු නායිකා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද ක්‍රියා කළ බවද එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි.

2015දී බිහිකළ යහපාලනය සඳහා වූ ජාතික රජයද, ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක නොකිරීමට වර්ෂ 2016දී ආණ්ඩුවක් ලෙස එකඟත්වය පළ කළ බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ බව දැනුම්දී ඇති බවත්  එක්සත් ජාතික පක්‍ෂය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad