ප‍්‍රහාරයකට සගවා තිබූ පුපුරන ද‍්‍රව්‍ය විශාල තොගයක් කාත්තන්කුඩියෙන් සොයාගනී.. මරාගෙන මැරෙන බෝම්බ කරු අත්අඩංගුවේ.. සියල්ල සහරාන්ගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 27, 2019

ප‍්‍රහාරයකට සගවා තිබූ පුපුරන ද‍්‍රව්‍ය විශාල තොගයක් කාත්තන්කුඩියෙන් සොයාගනී.. මරාගෙන මැරෙන බෝම්බ කරු අත්අඩංගුවේ.. සියල්ල සහරාන්ගේ

කාත්තන්කුඩි ප්‍රදේශයේ වළදමා තිබියදී පොලීසිය විසින් පුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ දිනයේ ගොඩගෙන තිබේ.

මෙසේ ගොඩ ගෙන තිබූ තොගය අතර බෝම්බ සෑදීමට ගන්නා ඩෙනරේටර්, ජෙලග්නයිට් කූරු, උණ්ඩ ඇතුළු උපකරණ රැසක් හමු වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මේවා ජාතික තව්හිත් ජමාත් සංවිධානයට අයත්ව තිබූ ඒවා බවයි.

පසුගියදා සවුදි අරාබියේ ජෙඩාහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සහරාන්ගේ ප්‍රධාන ගෝලයා වන මිල්හාන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු හෙළිව ඇත.

ජෙලග්නයිට් කූරු 300ක්, ජෙනරේටර් 1000ක්, ද‍්‍රව ජෙලග්නයිට්, සජීව උණ්ඩු 475ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන සිටින මෙම තොරතුරු හෙළි කළ සැකකරු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිට පසුව සෞදියට පලා ගිය පුද්ගලයකු බවද පොලිසිය කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad