කොල්ලුපිටිය හෝටලයක් තුළදී ව්‍යාජ ණය කාඩ්පත් මුද්‍රණය කිරීමේ ජාවාරමක නිරතවූ චීන ජාතිකයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් ළඟ තිබී ණය කාඩ්පත් මුද්‍රණය කිරීමට යොදාගත් යන්ත්‍රයක්, හිස් කාඩ්පත් 5 ක් සහ ලැප්ටොප් පරිගණකයක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

No comments:
Post a Comment