පාස්කු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා පාර්ලිමේන්තුවට යෝජනා කල මන්ත‍්‍රීවරයෙක් පාස්කු බෝම්බ කමිටුවේ විනිසුරෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 30, 2019

පාස්කු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා පාර්ලිමේන්තුවට යෝජනා කල මන්ත‍්‍රීවරයෙක් පාස්කු බෝම්බ කමිටුවේ විනිසුරෙක්

පාස්කු ඉරිදා දින ප‍්‍රහාරය පිළිබඳව පරික්‍ෂණ පවතවනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ස‍්‍රජාතභාවය පිළිබඳව ගැටළුවක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි. මේ බව ඔහු ප‍්‍රකාශ කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුටරත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දියත් කළ ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකු වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ඊබ‍්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙක්. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සාමාජිකයකු පෙට්ටිකඩයක් කළද ඔහුගෙනුත් ආධාර මුදල් ලබාගන්නා පක්ෂයක්, එබැවින් තමාගේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබා නොගත්තායැයි කරන ප‍්‍රකාශ පිළිගත නොහැකියි. මේ තත්වය මත ඊබ‍්‍රාහිම්ගේ මුදල්වලින් පාර්ලිමේන්තු ආ නලීන්ද ජයතිස්ස මෙම තේරීම් කාරක සභාව නියෝජනය කිරීම කෙතරම් දුරට සාධාරණ දැයි විමසා සිටින්නට සිදුවන බවත් ඔහු පවසයි.

එමෙන්ම සහරාන් 2015 දී මුස්ලිම් කොන්ග‍්‍රසය සම`ග ගිවිසුම් ගතවී ඇති අයෙක්. මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාද මෙම තේරීම් කාරක සභාව නියෝජනය කරන බවත් ඔහු තමාදැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේදී ප‍්‍රකාශ කළේ මෙම පරික්‍ෂණ කටයුතු වලට බලපෑමක් විය හැකි බැවින් තමා ධුරයෙන් ඉවත් වූ බවයි. එසේ පැවසූ අයෙකු මෙවැනි කාරක සභාවක් නියෝජනය කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයද මතුවන බව ඔහු පැවසීය.

සහරාන් 2015 දී එජාප ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූ අයකු බව හෙළිදරව් වී ඇති තත්වයක් යටතේ එජාප මන්ත‍්‍රීවරු මෙම පරික්‍ෂණය සිදුකරන්නේ කෙසේද යන පැනයද මතවන බවත් මෙම කාරක සභාවේදී සිදුවන්නේ රිෂාඞ් සම`ග කතාකරගත් ප‍්‍රශ්න හා උත්තර මාධ්‍ය ඉදිරියේ සජීව විකාශය කිරීමක් පමණක් බවත් ඔහු පවසයි. මේ හේතුන් මත මෙම පරික්‍ෂණ සාධාරණව හා යුක්තිසහගතව සිදු වේයැයි පිළිගන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කර සිටියි.

රණවිරුවන් වසර 2 තිස්සේ චෝදනා ගොනුකිරීමක් නොමැතිව රිමාන්ඞ් භාරයේ සිටින බවත් දොස්තර සාෆි මසකින් නිදිහස් කිරීමට කටයුතු කරමින් ඇති බවත් එසේ කළහොත් එය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් ද ප‍්‍රශ්නකාරී විය හැකි බවත් ඉදිරි රජයකදී මේ සම්බන්ධයෙන් සාධාරණ පරික්‍ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ


No comments:

Post a Comment

Post Bottom Ad