අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවිය යුතු බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමන් වතිකානුවේදී සිදු කරන ලද අදහස් පල කිරීම ගැන කැදවා ප‍්‍රශ්න කල යුතු බවද රාමනායක මහතා කියා සිටී.
පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව ජනතාව සන්සුන් කිරීමට කාදිනල්තුමන් සිදු කල කාර්යභාරය සියළු දෙනාගේ ගෞරවයට පාත‍්‍ර වූ අතර එනිසාම දැවැන්ත ප්‍රචණ්ඩකාරීත්වයක් වැලකුණු බවටද පොදු මතයක් වෙයි.

No comments:
Post a Comment