නවීන්ද සොයිසාගේ සහ කපිල සිරිවර්ධනගේ වෛද්‍ය මධ්‍යස්‌ථානවලට කළු තෙල් ප්‍රහාර. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

නවීන්ද සොයිසාගේ සහ කපිල සිරිවර්ධනගේ වෛද්‍ය මධ්‍යස්‌ථානවලට කළු තෙල් ප්‍රහාර.


Loading...

වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගේ පෞද්ගලික බෙහෙත් ශාලාව පිහිටා ඇත්තේ කළුතර - බණ්‌ඩාරගම මාර්ගයේය. පෙරේදා (27 දා) රාත්‍රි 10 ට පමණ වනතුරු එම මහතා එහි රෝගීන් පරීක්‌ෂා කෙට ඇති අතර මෙම කළු තෙල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊට පසුව යෑයි පොලිසිය කියයි. ගේට්‌ටුවෙන් පිටත සිට කළු තෙල් පිරවූ බෑග් බෙහෙත් ශාලාව දෙසට විසි කර ඇති බවත් ගල් ප්‍රහාරයකින් ජනෙල් වීදුරුවකට අලාභ හානි සිදු වී ඇති බවත් උතුරු කළුතර පොලිසිය කියයි. 

මේ අතර කළුතර නාගොඩ හන්දියේ පිහිටි තම පෞද්ගලික බෙහෙත් ශාලාවට ද පෙරේදා (27 දා) රාත්‍රියේ කළු තෙල් ප්‍රහාරයක්‌ එල්ල වී ඇති බව කියමින් වෛද්‍ය කපිල සිරිවර්ධන මහතා ඊයේ (28 දා) දකුණු කළුතර පොලිසියට පැමිණිලි කර තිබිණි.

සොකෝ නිලධාරීන් ද මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වන අතර ආරක්‌ෂිත කැමරා පද්ධති ඔස්‌සේ ද පරීක්‌ෂණ ආරම්භ කොට තිබේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති නිමල් පෙරේරා, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කළුතර උතුර මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති අකිල රණසිංහ හා උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති ඕෂධ ලංකා ද සිල්වා යන මහත්වරු මේ පිළිබඳ පරීක්‌ෂණ පවත්වති.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad