සජිත්ගේ පෞද්ගලික අමනාපයෙන් කූරගල අඳුරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 27, 2019

සජිත්ගේ පෞද්ගලික අමනාපයෙන් කූරගල අඳුරේ !

මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොමැතිව තිබූ බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍ය්‍යයේ පිවිසුම් මාර්ගයට විදුලිය ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙන තිබූ පියවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයට විදුලිය ආලෝකය ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීමකට අනුව කොන්දේසි කීපයක් යටතේ ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හිමි වී තිබුණි.

ඒ බව දන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ඒ.ඊ.එල්. තිලකවර්ධන මහතා විසින් පෙරේදා (26) කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු වෙත ලිපියක් ද යොමුකර තිබිණි.

අදාළ ලිපිය පහත දැක්වේ.
































ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් පරිදි ඊයේ (27) විදුලිය ලබාදීමේ කටයුතු වෙනුවෙන් එම ස්ථානයට ගියද අදාල කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබේ.

ඒ පෙර අවසරය ලබාදී තිබූ පුරා විද්‍ය්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) ඒ.ඊ.එල්. තිලකවර්ධන මහතා විසින් නැවත ලිපියක් යොමුකරමින් විදුලිය ලබාදීම සඳහා ලබාදී තිබූ අවසරය නැවත දන්වනතුරු තාවකාලිකව අවලංගු කිරීම නිසාය.

ඊට අදාළ ලිපිය පහත දැක්වේ.































අදාළ අවසරය අවලංගු කර ඇත්තේ පුරාවිද්‍යා විශය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බලපෑමක් මත බවට තොරතුරු වාර්තා වේ.

විදුලිය විශයභාර අමාත්‍යවරයා සමඟ ප්‍රේමදාස මහතාගේ ඇති පෞද්ගලික අමනාපය මීට හේතුවී ඇති බවද පැවසේ.

මේ සම්බන්දව ඉරාජ් වීරරත්න විසින් කළ මාධ්‍ය සාකච්චාව පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad