ඊයේ පැවති තරගයේදී ඉන්දියාව පරාජය කරමින් එංගලන්තය ලබාගත්තේ ලකුණු 31ක ජයග‍්‍රහණයක් හිමිකරගත් අතර පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් රැස්කර ගත්තා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 306ක් පමණයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද පස්වරු 03.00ට එංගලන්තයේ චෙස්ටර්ලී ස්ටී‍්‍රට්හිදී පැවැත්වීමට නියමිතයි. කෙසේ නමුත් මෙම තරඟයේ ප්‍රවේශපත් මිල පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම තරඟයේ අවම මිල ප්‍රවේශ පත්‍රයක් එංගලන්ත පවුම් 20ක් (රුපියල් 4500ක් පමණ) දක්වා පහත වැටී ඇති බවයි සඳහන් වන්නේ.


No comments:
Post a Comment