ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරීක්ෂාවකින් තොරව තබාගැනීමට ඇමරිකාවට ගිවිසුම මගින් හැකියාව ලැබෙන අතර මෙරට වෙරළාරක්ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකට රේගුවටවත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා ගුවන් යානා පරීක්ෂාකිරීමට ඒවට ඇතුළුවීමට අවසර නැත.
එමෙන්ම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නැතිව රේගු බදු නොගෙවීම සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමරිකාව උත්සාහ කරන බවද පෙනී යන බව වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමින් තබා ගැනීමේ බලයද ඇමරිකාවට අවශ්‍ය වී තිබේ.
තවද ඇමරිකානු හමුදාව සතු අවි ආයුධ හා උපකරණ නිදහසේ තබා ගැනීමට ද ගිවිසුමෙන් යෝජනා කරයි.
ඇමරිකානු හමුදාවටත් කොන්ත්‍රාත්කරුවන්ට තනි තනිව හෝ සාමූහිකව තමන්ගේ අනන්‍යතාවය භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමටත් පිටත්ව යාමටත් හැකියාවක් ඇත.
එනම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයෙන් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඉඩ ලැබේ


No comments:
Post a Comment