මේ වන විට කටුපොල් වගාව රජය මඟින් තහනම් කොට ඇති නමුත් කටුපොල් වගාකිරීමේ අරමුණෙන් වල්ලාවිට වීරකන්ද ප්‍රදේශයේ අක්කර 40 ක භූමි ප්‍රමාණයක් නමුණුකුල (Arpico) වැවිලි සමාගම විසින් හෙළි කරමින් සිටින බව වැසි වනාන්තර රකින්නෝ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවසීය.
ඒ අනුව මෙම වැවිලි සමාගම විසින් එහි 843F කොටසට අයත්ව ඇති සහ උතුරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයකට මායිම්ව ඇති මෙම ජලපෝෂක වනාන්තරය ඩෝසර් සහ යාන්ත්‍රික කියත් මඟින් කපා දමමින් සිටින බවද පැවසේ.
එමෙන්ම මෙම ක්‍රියාවේදී අවසර ගත යුතු කිසිම ආයතනයකින් අදාළ සමාගම අවසර ගෙන නොමැති බවද පැවසේ.
මෙම වනාන්තර හායනය හේතුවෙන් වටිනා ශාඛ මෙන්ම සතුන්ද තර්ජනයට මුහුණ දෙන බව පවසන විජේසිංහ මහතා, වීරකන්ද නාය යාමෙන් හානියට පත්වූ පවුල් සැළකිය යුතු සංඛ්‍යාවකත් පදිංචි කර ඇත්තේද මෙම ජල පෝෂකය පාමුල භූමියේ බව සඳහන් කළේය.
ඒ අනුව මෙම ජලපෝෂකය කපා දැමීම මඟින් එම ප්‍රදේශය නාය යාමේ අවධානමකට පත්වන බවද ඔහු කියා සිටී.
එමෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ නමුණුකුල (Arpico) වැවිලි සමාගම විසින් අක්කර 5 කට ආසන්න වන විනාශයක් සිදුකර ඇති බවත් එහිදී වීරකන්ද ප්‍රාථමික විද්‍යාලයට ජලය සපයන ජල මූලාශ්‍රය වටා වූ වනාන්තරයද විනාශ කොට කටුපොල් වගාකිරීම මඟින් එම පාසල් දරුවන්ගේ ජල අයිතිය උදුරාගන්නා තැනට කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉඩමක් සුද්ධ කරන බවත් කටු පොල් වවන්න යනබවත් ආර්පිකෝ පිළිගනියි
අප මේ පිළිබඳව නමුණුකුල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රියාන් ඊරියගම මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ "ඒ කියන විදියට අප ජලපෝෂක ප්‍රදේශයක් එළිපෙහෙළි කරන්නේ නෑ. අපි නීති විරෝධි කිසිවක් කරන්නේ නෑ”. යනුවෙනි.
කෙසේ නමුත් අදාළ ප්‍රදේශයේ ඉඩමක් හෙළිකරමින් තිබේදැයි අප නැඟූ පැනයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තේ වගා භූමියක් සුද්දකර රබර්, කටුපොල් වැනි වෙනත් වගාවකට එම භූමිය යොදා ගැනීමේ සැළසුමක් පවතින බවය.
කටුපොල් වගා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය දිනක කියා සිටියේ මෙවැන්නකි.
"2018 සැප්තැම්බර් 11 වැනි දින ජනාධිපති නියමයෙන් පත්කළ ජාතික ආර්ථික කොමිසම ලංකාවේ නැවත කටුපොල් වගා නොකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. ජාතික ආර්ථික කොමිසමේ එම තීරණය හා පරිසර අමාත්‍යංශයේ නිරදේශ නැවත කැබිනට් මණ්ඩලයට යොමු කිරීමෙන් පසු ලංකාවේ අලුතින් නැවත වගා නොකළ යුත බවට කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා" .
කෙසේ නමුත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේද අවසර ඇතුව අමාත්‍යංශයේම අනුග්‍රහය යටතේ කටුපොල් පැළ ලබා ගනිමින් තම සමාගම වගා කටුයුතු සිදුකරන බව මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ඊරියගම මහතා කියා සිටියේය.
මෙහි සත්‍යතාව විමසීම සඳහා අප වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරියෙක් සම්බන්ධ කොටගෙන පිළිතුරක් ලබා ගැනීමට උත්සහ ගත්තද එය ව්‍යර්ථ විය.
මූලාශ්‍රය - අරුණ
Wednesday, July 24, 2019
ආර්පිකෝ තහනම් කටුපොල් වවන්න අක්කර 40ක් සුද්ද කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment