SB-ඩිලාන් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ.. තවත් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් දෙදෙනෙක් බැසිල් සමග සාකච්චා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 24, 2019

SB-ඩිලාන් 11 වැනිදා පොහොට්ටු වේදිකාවේ.. තවත් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් දෙදෙනෙක් බැසිල් සමග සාකච්චා..

ලබන එකොළොස්වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව වේදිකාවට එක් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් කිහිප දෙනකු සූදානමින් සිටී.
මේ සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බි. දිසානායක, ඩිලාන් පෙරේරා අතර නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වී තිබේ.

එහිදී ඔවුන් පවසා ඇත්තේ 11 පොහොට්ටු වේදිකාවට ගොඩ වීමට තමන් සූදානම් බවයි.

එම සාකච්චාවට සහභාගී වී පිටව යන අවස්ථාවේ අනුර ප‍්‍රියදර්ශණ යාපා, පවිත‍්‍රා වන්නිආරච්චි යන් මන්ත‍්‍රීවරුන්ද මුණ ගැසී ඇති අතර ඔවුන්ද සුබ පැතුම් එක් කර ඇත.

මේ අතර ශ‍්‍රීලනිප තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුද සමළු වේදිකාවට එක්වීම සදහා බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවටද තොරතුරු වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad