11 පොහොට්ටු සමුළුවට ශ‍්‍රීලනිප කිසිවෙක් යන්නේ නෑ.. තත්වය ව්‍යාකූලයි.. ඉදිරියේ කුමක් වේවිදැයි දන්නේ නෑ - ශ‍්‍රීලිනප මහ ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 6, 2019

11 පොහොට්ටු සමුළුවට ශ‍්‍රීලනිප කිසිවෙක් යන්නේ නෑ.. තත්වය ව්‍යාකූලයි.. ඉදිරියේ කුමක් වේවිදැයි දන්නේ නෑ - ශ‍්‍රීලිනප මහ ලේකම්

ගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය සඳහා ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ නියෝජිතයකු සහභාගී නොවීමට පක්ෂය විසින් තීරණය කළ බව එම පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් පවත්වන ලද සාකච්ඡාවකදී මේ තීන්දුව ගත් බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා ඉදිරියටද ගෙන යන නමුත් පවතින දේශපාලන තත්වය ඉතාමත් ව්‍යාකූල නිසා ඉදිරිය ගැන කිසිවක් කිව නොහැකි බවත් මහලේකම්වරයා කීවේය.

දෙපාර්ශවය සමග සාකව්චා පැවැත්වෙද්දී එක් පාර්ශවයක් විසින් ජනාධිපති අපේක්‍ෂක නම් කිරීම ගැන ජයසේකර මහතා සිය කණස්සල්ලද දැක්වීය.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad