ජනපති ගෝඨා මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියලා - එන්නේ බැසිල් ද? නාමල්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 3, 2021

ජනපති ගෝඨා මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියලා - එන්නේ බැසිල් ද? නාමල්ද?


තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.

එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත‍්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කලේය.

නමුත් 2024 ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා තරග කිරීමට ඉඩකඩ ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad