ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 40ක වංචාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 7, 2019

ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 40ක වංචාවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කෙරෙන කොළඹ නැගෙනහිර නගර සඳහා වූ ‘‘විශේෂ ජල ව්‍යපෘතියෙන්” එම මණ්ඩලයේ සභාපතිවරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් රුපියල් කෝටි 40කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

මෙම ව්‍යපෘතියට අදාළව ඉකුත් 2013 වර්ෂයේ පුවත්පත් දැන්විම් මගින් ටෙන්ඩර් කැඳවා කොන්ත‍්‍රාත්කරුවන් බඳවා ගනු ලැබ ඇති බවත්, එම කොන්ත‍්‍රාත්කරුවන් වෙත අදාළ වංචා කළ මුදල් ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා වූ කේ. ඒ. අන්සාර් සහ අදාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ එස්. ඒ. රශීඩ් යන අයවලූන් ගේ අනුදැනුම මත සිදුවී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

-ලංකාදීප-

No comments:

Post a Comment

Post Bottom Ad