මං බාර දුන්නේ ශක්තිමත් ආර්ථිකයක් එක්කයි.. මහින්ද රට බංකොලොත් කලා.. යුද්දෙන් 75%ක් අවසන් කලේ මමයි.. මහින්ද අවසන් කලේ මං ගෙනා ආයුදවලින් - චන්ද්‍රිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 2, 2019

මං බාර දුන්නේ ශක්තිමත් ආර්ථිකයක් එක්කයි.. මහින්ද රට බංකොලොත් කලා.. යුද්දෙන් 75%ක් අවසන් කලේ මමයි.. මහින්ද අවසන් කලේ මං ගෙනා ආයුදවලින් - චන්ද්‍රිකා

2005 වසරේදී තමන් රට භාර දෙද්දී මෙරට ආර්ථිකය ශක්තිමත් තත්ත්වයක තිබූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඉන්පසු රට පාලනය කළ කණ්ඩායම විසින් රට බංකොලොත් කළ බවද ඇය සඳහන් කළාය.
තම ආණ්ඩුවේ යුගයේ යුද්ධය තුන්කාලක් පමණ අවසන් කර තිබූ බවද කී ඇය රාජපක්ෂ ආණ්ඩුව විසින් යුද්ධය අවසන් කරන ලද්දේ තම ආණ්ඩු සමයේ ගෙන ආ අවිආයුධ වලින් බව ද පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ කැලණියේ දී පැවති ජන හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුවෙන්ද යම් වැරදි සිදුව ඇති බවත් ඇය එහිදි කීවාය.


No comments:

Post a Comment

Post Bottom Ad