බඹර කූඩුව පුළුස්‌සන්න ගිහින් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍රවූ නිවාඩු නිකේතනය ගිනිබත් වෙලා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 9, 2019

බඹර කූඩුව පුළුස්‌සන්න ගිහින් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍රවූ නිවාඩු නිකේතනය ගිනිබත් වෙලා.

Loading...
නෝර්වුඩ් පොලිස්‌ වසමට අයත් හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයට මායිම්ව දික්‌ඔය - ග්ලැන්කන් ප්‍රදේශයේ, දික්‌ඔය රජයේ මූලික රෝහල ඉදිරිපිට පිහිටා තිබූ නිවාඩු නිකේතනය පෙරේදා (08 දා) ප.ව. 6.30 ට පමණ ඇති වූ ගිනි ගැනීමක්‌ හේතුවෙන් මුළුමනින්ම දැවී විනාශ විය.

 යටත් විජිත සමයේ ඉංගී්‍රසි ජාතිකයන් විසින් ලංකාවේ තේ වතු පාලනය කරන සමයේ ග්ලැන්කන් තේ වතුයාය පාලනය කළ වතු අධිකාරිවරයාගේ නිල නිවස ලෙස භාවිත කර තිබූ මෙම ගොඩනැඟිල්ල පසුව නිවාඩු නිකේතනයක්‌ බවට පත්ව තිබේ.

 වර්තමානයේ ලංකා බැංකුවේ 'සීබෑන්ක්‌' ආයතනයේ පරිපාලනය යටතේ පැවති මෙම ස්‌ථානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ ස්‌ථානයකි. එමෙන්ම මෙම ගොඩනැඟිල්ලේ පොළොව, සිවිලිම හා අත්වාරු ඉතා වටිනා දැවවලින් අලංකාරව නිම කර තිබිණි.

 එම ගොඩනැඟිල්ලේ වහලයේ පරාලයක බැඳ තිබූ බඹර කූඩුවක්‌ පෙරේදා (08 දා) පස්‌වරුවේ පුළුස්‌සා දමන්නට එහි සේවකයන් උත්සාහ කළ අවස්‌ථාවේ ගින්න පැතිර ගිය බව අනාවරණය වී තිබේ. 

 ගින්නෙන් ගොඩනැඟිල්ලට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර පහත මාලයේ වූ ගෘහ භාණ්‌ඩ කීපයක්‌ පමණක්‌ බේරා ගෙන තිබේ. 

 හැටන් දික්‌ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළ ද ඒ වනවිටත් ගින්න පැතිර ගොස්‌ ගොඩනැඟිල්ල සහ භාණ්‌ඩ බොහෝ ප්‍රමාණයක්‌ දැවී ගොස්‌ අවසන්ව තිබිණි.

 සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad