ආර්ථික වර්ධන වේගය 3%ට අඩු වෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 9, 2019

ආර්ථික වර්ධන වේගය 3%ට අඩු වෙයි.

Loading...
මේ වසරේ (2019) ශ්‍රී ලංකා ආර්ථිකය කලින් අපේක්‍ෂා කළ අගයටත් වඩා අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

 මහ බැංකුව මේ වසර මුලදී ඇස්‌තමේන්තු කර තිබුණේ මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වනු ඇති බවයි.

 එහෙත් පාස්‌කු ඉරිදා ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු ආර්ථික කටයුතුවලට එල්ල වූ දැඩි බලපෑම නිසා එම ඉලක්‌කයට යැමට අපහසු වී තිබේ.

 මේ අනුව පසුව මහ බැංකුව ප්‍රකාශ කළේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක්‌ දක්‌වා අඩු වනු ඇති බවයි.

 එහෙත් පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සියයට 3 ටත් වඩා අඩු අගයක්‌ දක්‌වා පහත වැටෙනු ඇති බව බොහෝ ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad