ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතර විශ්වාසය පෙන්වා අග්‍රාමාත්‍යධූරය ලබා ගැනීම සඳහාය.
සිය පක්ෂයේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි ඕනෑම අයෙකුට අග්‍රාමාත්‍යධූරය ලබාදීමට තමා බැඳී සිටින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශයට අනුව මේ කටයුත්ත සඳහා උනන්දුවෙන් සිටින බව පැවසේ.
මේ සම්බන්ධයෙන් සජිත් පාර්ශවයේ ඇතැම් කණ්ඩායම් නොදන්නා බවද මේ අතර වාර්තා වේ.
පාලන බලය ලබා ගැනීම ජනපතිවරණයකදී ලංකාව වැනි රටක බලය ලබා ගැනීමට රුකුලක් වන බැවින් මේ කටයුත්තට මුලපුරා ඇති බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ප්‍රධාන මාධ්‍ය ජාලයක ප්‍රධානියකු කටයුතු කරමින් සිටින බවද පැවසේ.
මේ අතර, පැවැති විරසක තත්ත්වයන් දුරුකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නැවත මිතුරුකමක් සෑදීමට පිරිසක් මේදිනවල උනන්දුවෙමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ කාම්බෝජ සංචාරයෙන් පසුව ජනපති හා අගමැති අතර හමුවක් සිදුවිය හැකි බවද මේ අතර වාර්තා වේ.
srilankamirror


No comments:
Post a Comment