සමහර ආගමික නායකයන් තක්ඩින් නැවතත් රජ කරවන්න හදනවා - සරත් විජේසූරිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

සමහර ආගමික නායකයන් තක්ඩින් නැවතත් රජ කරවන්න හදනවා - සරත් විජේසූරිය

මහර ආගමික නායකයන් තක්කඩියන් සිංහාසනාරූඪ කිරීමට කටයුතු කරන්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

ඇතැමුන් තම දේශපාලන ප්‍රතිරූප නගා සිටුවා ගැනීමට අවිචාරවත් ලෙස ඉපැයූ මුදල් දහමට වැය කරන බවක් පෙනෙන්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ආගමික නායකයන්ගේ ඇස්වලට වැලි ගසා ආශිර්වාද ලබා ගැනීමට ද ඔවුන් සමත්වී ඇතැයි ඔහු කියා සිටියේය.

මහාචාර්ය වරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයක් අමතමිනි.

ජාතික නායකයන්ගේ වගකීම වී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවද ඔහු එහිදී සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad