සජිත් එජාප නායක කිරීම අනිද්දා බදුල්ලෙන්.. රනිල්ට සැලසිලි තනතුරක් දෙනවා - අජිත් පෙරේරා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 9, 2019

සජිත් එජාප නායක කිරීම අනිද්දා බදුල්ලෙන්.. රනිල්ට සැලසිලි තනතුරක් දෙනවා - අජිත් පෙරේරා

ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා වන පළමු ජයග්‍රහී ජනරැළිය එළඹෙන සඳුදා දින බදුල්ලේදි පැවැත්වෙන බව අජිත් පී පෙරේරා මහතා පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා කියාසිටියේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි පාක්ෂිකයන් සියයට අනූ නවයක්ම කැමැත්ත පළ කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට සහ පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු හිටපු නායකයාට අභිමානයෙන් යුතු සුදුසු තැන් වල තබනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කරමින් විපක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක කරවීමේ සූදානමක් ඇති බවත් එසේ වුවහොත් මිලිටරි පාලනයක් මගින් නැවතත් ‍ප‍්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත අභියෝගයක් එල්ල කරනු ඇති බව ද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad