ඩිලාන් පෙරේරා මහතා පසුගියදා සිදුකළ "හරක් පැටව්" කතාව පිළිබඳව තමන් කණගාටුවට පත්වන බවත් ඩිලාන්ට සහ එස්. බී. දිසානායක මහතාට ඔවැනි කතා කියන්නට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව බවත් ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී, මන්ත්‍රීකමෙන් ඉවත්ව මේ කතාව කීවා නම් ඊට කමක් නැති අතර මහජන ඡන්දයෙන් මන්ත්‍රීධුරයක් ලැබුණු අයෙකුට නම් ඔවැනි කතාවක් කියන්නට පොඩි හෝ අයිතියක් තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර සහ හිටපු මහලේකම් දුමින්ද දිසානායක යනු හරක් පැටවුන් බවත් හරක් පැටවුන් සමඟ ශ්‍රීලනිපයට ගොඩ ඒමක් නොමැති බවත් ඩිලාන් පෙරේරා මහතා පෙරේදා (07) දිනයේදී ප්‍රකාශ කර තිබිණි.
-lankanewsweb
Thursday, August 8, 2019
Home
ප්රවෘත්ති
ජාතික ලැයිස්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙලා හරක් කතා කිව්වට කමක් නෑ - දුමින්දගෙන් ඩිලාන්ට පිළිතුරු
ජාතික ලැයිස්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙලා හරක් කතා කිව්වට කමක් නෑ - දුමින්දගෙන් ඩිලාන්ට පිළිතුරු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment