මෛත‍්‍රී-මහින්ද-ගෝඨා තීරණාත්මක සාකච්චා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 9, 2019

මෛත‍්‍රී-මහින්ද-ගෝඨා තීරණාත්මක සාකච්චා !

දිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සතියක් හමුවක් එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඇති කිරීමට නියමිත නව දේශපාලන සංධානය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා අතර පසුගිය සදුදා දිනයේ ද ජනාධිපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවතියේය.

මේ අතර වාර්තා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක්ද ඉදිරි සතියේ සිදුවීමට නියමිත බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල කාම්බෝජ සංචාරයක නිරත වී සිටින අතර ඔහු අද දිනයේදී යලි මෙරටට පැමිණීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad