ඒ අනුව මෙම හමුවූ ඉදිරි සතියෙන් පසු දිනෙක පැවැත්වෙනු ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඉදිරි සතිය පුරා ගෝටාභය රාජපක්‍ෂ මහතා රට පුරා ආගමික ස්ථාන වැද පුදා ගැනීමට යොදා ගෙන තිබීම නිසා හමුවීම් සතියකින් ප‍්‍රමාද වීමට සිදුව ඇත.
එම ඇමතිවරුන් අවස්ථාව ඉල්ලා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා යයි කියමිනි.
එජාප ඇමතිවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක යන මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් තිබීම හේතුවෙන් එම පක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම තහනම් කර ඇත.
මින් දෙදෙනෙකුම සජිත් පිලට සහාය දක්වන අය බවත් ඉහත ප‍්‍රකාශකයා කියා සිටියේය.
මෙවන් තත්ත්වය මතද මෙම ඇමතිවරුන් තිදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලා තිබීම විශේශත්වයක් දරයි.


No comments:
Post a Comment