බදියුදීන් ගත්තොත් අපි පරාදයි - ගම්මන්පිල අනතුරු අගවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

බදියුදීන් ගත්තොත් අපි පරාදයි - ගම්මන්පිල අනතුරු අගවයි !

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා ගේ සහාය ලැබෙන කෙනා මෙවර පරාජයට පත්වෙනවා. මොකද එතුමත් එක්ක මේ රටේ ජනතාව ඉන්නේ පුදුම වෛරයකින් සහ කළකිරීමකින්.
ඒ නිසා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාගේ සහය මෙදා පාර ප්‍රාර්ථනා කරන්නේ පරාජය රසවිඳීමට කැමති අය විතරයි.

එතුමා සහය දුන් අපේක්ෂකයා ඡන්ද තුනකදී ජයග්‍රහණය කළ බව ඇත්තයි. නමුත් අටලෝ දහමින් කියවෙනවානේ සැපක් ලැබුණොත් දුකක් ලැබෙන බව. ජයග්‍රහණයක් ලදහොත් පරාජයක් ලබන්නට සිදුවන බව.

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යතුමනි ඔබගේ ජයග්‍රාහී යුගය අවසන්. දැන් උදාවන්නේ ඔබ පරදින යුගයයි. මේ ත්‍ර්සතවාදය පරදින යුගයයි, අන්තවාදය පරදින යුගයයි, පරිසර විනාශකයන් පරදින යුගයයි, කියන එක මම නොවෙයි මේ රටේ ජනතාව නොවැම්බර් මාසයේ ඔප්පු කරලා පෙන්නාවි.

– අරවින්ද අතුකෝරල


No comments:

Post a Comment

Post Bottom Ad