අහිංසක UNP පාක්ෂිකයන් පාවා දෙන දේශපාලන ඩීල්කරුවන් පරාජය කල යුතු යයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන්නේ ගමේ අහිංසක UNP පාක්ෂිකයන්ගේ කරමතින් පැමිණ ලබාගත් බලය නිසා බව අමුතුවෙන් සිහිපත් කල යුතු නැහැ. එම අහිංසක පාක්ෂිකයන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ ප්‍රමුඛ වගකීමයි.
එහෙත් අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හෝ ප්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක්. පක්ෂයේ මහා මුරදේවතාවන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් හොර රහසේ රාජපක්ෂලා සමග ඇතිකර ගන්නා දේශපාලන ඩීල් පිළිකුලෙන් හෙලා දැකිය යුතු වෙනවා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් බැලීමට එජාපයේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් සහ හිටපු මහලේකම් වරයෙක් හොර රහසේ ගොස් ඇති බවට වන ප්‍රවෘත්තිය අද ප්‍රසිද්ධ රහසක්.
පුළුවන් උනොත් අපි ඇවිල්ලා උබලා රකිනවා එහෙම නැත්නම් උබලා ඇවිල්ලා අපිව රැකපන් කියන ප්‍රතිපත්තිය අනුගමනය කරන මෙම දේශපාලඥයන් සමස්ත UNP පාක්ෂික යන්ගේ සමාව ගත යුතුව තිබේ.
Thursday, August 8, 2019
Home
ප්රවෘත්ති
එජාප ලොක්කන් ගෝඨාභය සමග රහසේ ඩීල් දානවා.. අප රකින්නැයි යදිනවා - එජාප ඇමති හෙලි කරයි - (Video)
එජාප ලොක්කන් ගෝඨාභය සමග රහසේ ඩීල් දානවා.. අප රකින්නැයි යදිනවා - එජාප ඇමති හෙලි කරයි - (Video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment