පොහොට්ටුව ප‍්‍රබලයි.. ශ‍්‍රිලනිප තමන්ගේ තරම දැන ගත යුතුයි - නිමල් සිරිපාල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

පොහොට්ටුව ප‍්‍රබලයි.. ශ‍්‍රිලනිප තමන්ගේ තරම දැන ගත යුතුයි - නිමල් සිරිපාල

දිරියේදී ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ ප්‍රබල මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ශ‍්‍රීලනිපය සංධානගත වෙන්නේ නම් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් එය සිදුවිය යුතු බව මෑතක දී රැස් වූ මධ්‍යම කාරක සභාවේ දී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත.

පක්ෂයක් ලෙස සන්ධාන ගත වීමේදී කොන්දේසි ඉදිරිපත් කළ යුතු යැයිද මහ ලේකම්වරයා පවසා ඇති අතර පක්ෂයට තිබෙන බලය පෙන්විය යුතු බවත් සඳහන් කර ඇත.

ඊට විරුද්ධ අදහසක් දරමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ මේ වන විට භූමියේ තිබෙන ප්‍රායෝගික තත්ත්වය තේරුම් ගෙන දේශපාලන ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

මේ වන විට පැහැදිලිවම පොහොට්ටුව බිම් මට්ටමින් ඉදිරියට පැමිණ ඇතැයිද පවසා ඇති ඔහු ඒ බව තේරුම් ගෙන ක්‍රියා කළ යුතු ඇති බවද සඳහන් කර ඇත.

තමන්ගේ තරම දැනගෙන වැඩ කිරීම සුදුසු යැයි ද ඔහු තවදුරටත් පවසා තිබේ.

මෙම මධ්‍යම කාරක සභාව රැස් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පෙරේදි දිනයේදීය.


No comments:

Post a Comment

Post Bottom Ad