තහනමට පයින් ගසා 11 වැනිදා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 15ක් පොහොට්ටු වේදිකාවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

තහනමට පයින් ගසා 11 වැනිදා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 15ක් පොහොට්ටු වේදිකාවේ !

ළඹෙන ඉරිදා දිනයේ එනම් 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු සහභාගී වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

කුමන වාරණයක් තහනමක් ගැන පැනවුවද මෙම පිරිස එම සමුළුවට සහභාගි වනු ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊට සහභාගී නොවුණු ඇති ද ඔහු එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad