මෙම උප පොලිස් පරීක්ෂකවරයා ද ඉරිදා ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහ්රාන්ගේ බිරියගේ නිවස පිහිටි කුරුණෑගල කටුපොතට ගොස් ඇති බව පැවසේ.
අප්‍රේල් 26 වැනිදා කාත්තන්කුඩි සයින්දු මරුදු නිවසක් තුළ මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය කාන්තාවන් දෙදෙනා එම අවස්ථාවේ එහි සිට ඇති බවට තොරතුරු හෙළිව ඇත.
සහ්රාන්ගේ තවුහිද් ජමාද් සංවිධානය අන්තවාදීව කටයුතු කරන බවට රාජ්‍ය බුද්ධි සේවයේ ‘‘කිව්’’ අංශය හෙළි කර ගෙන සිටියදී මෙම ජමල්ඩීන් යන අයද අන්තවාදීන් සමග කටයුතු කරන බවට හෙළි කර ගෙන තිබී ඇත.
එසේ තිබියදී ඔහු සමග ඉගෙනුම ලැබූ බුද්ධි අංශ නිලධාරියා ඒ පිළිබඳ නොදැනුවත්ව සිටීම ගැටලුවකට කරුණක් බව සෙසු බුද්ධි අංශ නිලධාරීහු කියති.
(අරුණ)


No comments:
Post a Comment