නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ලද ප්‍රමාදයන් නිසා ඇස්තමේන්තුගත අගයන් අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475 ක පමණ ආදායමක් රජයට අහිමි වි තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන පරීක්ෂණයකින් පසු නිගමනය කර තිබේ.
නෙළුම් කුලුනේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ වීම සහ ණය මුදල සීමා වීම මත ණය මුදල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එක්සිම් බැංකුවට ගෙවනු ලැබ තිබූ අමතර එකඟතා ගාස්තු ප්‍රමාණය වන රුපියල් 141, 487, 103 ක පමණ මුදල නිෂ්ඵල (අනාර්ථික) ගනුදෙනුවක් වී ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ නෙළුම් කුලුන ඉදි කිරීම පිළිබඳ කළ විගණනයකින් පසු විශේෂ විගණන වාර්තාව නිකුත් කරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
2012 නොවැම්බර් 12 දින ආරම්භ කරන ලද නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතිය දින 912කින් අවසන් වීමට නියමිතව තිබුණ ද 2018 දෙසැම්බර් 31 වන විටත් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් තිබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.
Thursday, August 8, 2019
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment